Thursday, May 28, 2020

ආදරණීය රාවණා නෑ වැරදුණා මට
හිතවත් රාවණා ....❤️❤️❤️

මට තාම හරි දුකයි රාවණා
උඹටත් මං හින්දා හරියට
දෙස් දෙවොල් නේද
රාවණා .... ♥
අන්තපුරයක් එක්ක
නිදිවැදුණු රාමාත්
සුපර්ණිකාව වනසපු
ලක්ෂ්මනුත් දැන් හරි
වීරයෝ වෙලා
රාවණා ... ♥
උඹව රාමාට පාවා දුන්නු
විභීෂණ අද දෙවි
කෙනෙක් වෙලා
උඹේ රට ගිනිතියපු හනුමාට
උඹේ රටේ උන් ම වැදුම් පිදුම්
කරනවා රාවණා ... ♥
ගැහැණියකගේ ගැහැණුකම
ආරක්ෂා කරපු උඹට
සල්ලාලයෙක් කියනවාලු
නේද රාවණා.... ♥
තාමත් භාරතයේ
දුස්රා උත්සව තියලා
උඹව පුච්චනවා රාවණා ...
ඔව්...
උන් තාම උඹට මහා හුගක්
බය ඇතියි රාවණා ... ♥
උඹ මට පෙම් කලාලු
මට උඹව මගහැරැණේ
මගේ පෙර පවකටලු
දැන් උන් එහෙමත් කියනවා
රාවණා ... ♥
ඇත්ත...
මට උඹව මගහැරැණේ
මගේ පෙර පවකට
ඒක ඇත්ත රාවණා ... ♥
උඹ වගේ දඩබ්බර හිතක් ලග
ගෑනු අපි දපනෙ වැටෙනවා
රාවණා ... ♥
ඒත් උඹ ආදරේ කලේ
මන්දෝදරියට විතරයි
උඹේ හිතයි මමයි දන්න ඇත්ත
ලෝකෙට ම කියපන්
රාවණා ... ♥
මන්දෝදරිය එක්ක උඹ
පෙම් කරපු ආලකමන්දාව
ගිනිගද්දී උඹට වඩා මං
දුක්වුණා රාවණා ... ♥
ඇත්තමයි
උඹ තරම් ගෑණියකට ගරු කරපු
උඹ තරම් ලංකාවට පෙම් බැදපු
උඹ තරම් ආදරේ දන්න
කවුරුවත් ම
මම තාම දැක්කේ නෑ
රාවණා ... ♥
ඉතින් මං ආයෙමත් ගින්නට පනින්නම්
උඹේ නමින් විතරක්
රාවණා ... ♥
උඹේ නිදොස් බව
එහෙමවත් ලෝකෙට කියන්න ද
රාවණා ... ♥
පුළුවන් නම් එකම එක වරක්
ආයෙමත් ඇවිදින්
මේ ලෝකෙට ඇත්ත ආදරේ හැටි
කියලා දීපන්
රාවණා .... ♥
උඹට හොරෙන්
උඹට පෙම් කරපු

මං සීතා...❤️❤️❤️
ඔබ තමයි ඒ රාවණා 

පාළුවේ ඒ රාවණා
දැනුනේ  නැතිදෝ නුබට සිතා
මීදුමක් සේ මිමුරෙන් මිදෙනා
දසිස් සක්වල තනිවෙලා
මා නොවේ ඒ රාවණා

ඔබ ලගින් හිදිනා
ප්‍රේමයේ දුනු ඇද්දේ නෑ මා
මන්දෝදරී සොවින් තැවෙනා
තාම නාඩා ඉන්නේ මා 

අහස ගුගුරා කදුළු සලනා
සයනයට පිටදී හිදිනා 
දඩු මොනරේ වැටුනා
ඔබ වෙත කෝම එන්නද මා 
මා නොවේ ඒ රාවණා


කප්පරක් දුක මා වැයුවේ
මුදු සිනහ නගලා
යන්තරෙන් ගිනි අගුරු ඇවිලී
මා දැවී අළුවී යන්නා

ඔටුන්නෙන් ගිලිහි
වැටෙන මැණික අහුලා
රැක ගන්න බැරිවී එදා
තාම නාඩා ඉන්නේ කෝමා
මා නොවේ ඒ රාවණා

ඔබ තමයි ඒ රාවණා
නිල්දියෙන් මා නහවනා
වේදනා දැනෙනා හැම තැන
රාවණා සිටියා මගේ වී

හන්දියයි.,

සිහින් ඉගටිය
කෝල හසරැලි
පන නැතත් උබට හරි පියකරුයි.,

සලුවෙ පොටකින්
වසා ගත් ඔය
පිරුනු තන උබෙ
පින්බරයි.,

හඩන කිරි දරු
නලව ගන්නට
කිරි එරෙන් නැති වග
පෙනෙයි.,

මවු සෙනෙහෙ උබෙ
නතර විනිදෝ
මේ පාලු ගොම්මන
හන්දියයි.,

සොයනව උබත් අද
උබේ දරුවගෙ අයිති කරය..
සැමියෙක් නැති උබ
දරු කුස දරාන
ඉසිලුවා නෙවෙද පතිවත.

පිරිමින්ට ඕව මහ ලොකු දේවල්
නෙමෙ බන්..
මැරිලත් උබ උබේ ප්‍රේමය
හොයනව..
පාලු හන්දි වල කොහෙද බන් ප්‍රේමය..
උබට වැරදිලා.,
පන තියන උන් උබට ආදරේ දෙනෙ නෑ..
දුම්මල ගහල එලවනව මිසක්..
ඉතින් පලයන්.,
වලත්ත පිරිමි හොයාගෙන.
රීරි මාන්සෙ උරාගෙන බීපන්. 
උබෙ දරුවට කිරි ඔනේ.

කාලි..

කඩපන් උගුරු දන්ඩම
ප්‍රේමයට වන්චා කරන උන්ගෙ..
කාලි..

ප්‍රාන සම පෙම ද්‍රෝහි වූ දා
ආත්මය විය ක්ඨොරා
සිහින් කෙදිරිලි කෝල හසරැලි
දවයි ඈ හද කුටීර
ඇනුම් හී වර්ශා මැද
ලය දෙපලු කෙරූවා කෙඨේර
වෛරයක් පිරුනාම වැඩියෙන්
ගලන් යනවා රත් රුහිර..

බුදු පුදට වරම් ලත් උබ..
සන්සාරෙ මට හමුවුනොත් අහන්නම් උබ
කොහොමද දුක දරා ගත්තෙ කියල...

මංගල දවස දා රෑට.. 

එලාගෙන, සුදු රෙද්දක් යහනට....
උඹ, හොයනවා,
ගෑනිගේ, තියෙනවාද පතිවත.
උඹට මතකද, පෙර දවසක,
මෙවැනිම කෙල්ලක් සතපවා යහනක...
මුමුනලා පෙම් බස් ඕසෙට.....
රතු කරා සුදු රෙද්දක්,
හරි අපූරුවට.....
මතක් උනාද උඹට,
අදවත් ඒ කෙල්ල ගැන......
විදවනවා ඇති ඒකි,
උඹට සාප කර කර......
එහෙව් උඹ, අදත්, සුදු රෙද්දක් එලාගෙන....
හොයනවා, තියෙනවද, මනමාලිගෙ පතිවත....
යකෝ..
ලැජ්ජයි උඹ ගැන...
හිනා යනවා වෙලාවකට.....
එලාගෙන සුදු රෙද්දක් ඇදට,
හෙව්වත් උඹ අද, මනමාලිගෙ පතිවත,
උඹ වගේ එව්න් ඉන්නකොට,
ඉතුරු වෙයිද බන්,
කෙල්ලොන්ගෙ පතිවත.......!
පපුව උඩ හිමීට ඇවිදින්න
සද්ද එපා බලාගෙන දගලන්න
නැගිට්ටෝත් කාටවත් බෑ නලවන්න
ප්‍රේමය බුදි අනේ එපා ඇහැරවන්න

අමාරුවෙන් ඇස් වලට පින් දිදී
දුක ගැලුවේ ඇස් යට කළු වේවි
පපුව අස්සට ප්‍රේමයේ ගිනි දිදී
හීතලට ගිනි තැපුව සදවති

අහිමි ප්‍රේමය මගේ වගේ බලෙන්ම තියාගෙන
අත් හැරුනම අයෙ වැටෙන්න පන හොයාගෙන
හුස්ම ටික කොනකට වෙන්නට තදකරල බදාගෙන
හිත හැදුවේම තනි රෑම උබ එපා කිය කියා අඩාගෙන

''''''''''':::::::::කල වරද  :::::::

ලංවෙන්න තහනම් තැනක
සෙව්වා පෙමක් හිමිනොවන
පැවසුවත් ඔහු සත්‍ය
දැන දැනයි මා කලේ වරද
මිතුදමකි එහි මුලින් තිබුන
ආදරෙයි මා කලේ ඔහුට
පෙම්කලා ඔහු ඈට...

මා ලංවනා ඔහු වෙතම
ඔහු සිතෙහි මා ගැනද
පෙමක් ඇත සගවගෙන
දැන උනත් විරහවේ රසය
තව කලා පෙම් අඩු නැතිව....

වචනයක් පාසාම
වැඩිවුණා ආදරයේ ගැබුර
ලංඋනොත් මම ටවත් ඈ කරයි මට වෛර
බියක් නැත ඔහු ගැනද
දුකක් ඇත මා සිතට
ඔහු තැවෙයි තව තවද..

නොනිවී ඇවිලේ..
සිතේ ඔහුගේ මතකේ...
සවන් තුල රැවුදේ...
පෙම් ස්වරයේ නාදේ...

ආදරය අස්සේ...
මසිත නිවි නිවී දැල්වේ...
මුලාවක් පස්සේ
මම යන්නෙ නෑ හැල්මේ ...
අදිටනින් හැම තිස්සේ....
යන්නේම මා ඔහුගෙ පස්සේ...    .

පපුව බරු ගහන් ලොකු කල්ල කාපන්
ඇති කියල හිතුනාම අත ඇරලා දාපන්
පස්සේ කන්න හිතුනොත් අයිනක් කඩන ඔතපන්
ප්‍රේමය ඇති තාම පපුවේ හරි මැද්දේ බලපන්

හුස්ම සද්දේ අහන් මතකයිද නිදියපු
රැ හීන අස්සේ උබේ නමම මුමුනාපු
හෙවනැල්ල වාගේ උබේ පස්සේ අවිදාපු
මං තමයි හුස්ම හිර උන මාළුවා ගොඩ දාපු

ප්‍රේමය ගින්දරක් ලොකු ටෝක් දුන්නා
ගියානම් මට එපා වෙන එකෙක් හින්දා
දන්නවද සුදු මැණික රැ නින්ද නැතුවා
අදට තුන් මාසයයි අඩල මං හැදුවා

(ලදරුවෙකු විලසේ  මා කලේ )

සීමා නැති ..නීති නැති
අසීමිත පෙමකට ඉඩක් ඇති ..
සිතක් ලග නතරවුනි..
හිමිඋනා මට නිම්නැතිව..
පෙම්කලා හැම දෙයටම...
මුසාවක් කලේ නැති..
රැවටීම සිතේ නති..
අවංක සිතක් ඇති..
ශෝබනය උගේ නැති...
ශෝභාව හිතේ පිරි...
හුරත්ලය උගේ ඇතී..
සිතේ දුක් නිවා යති..

බැදීමට දුකක් නැති
රැකගත්ත ඔහු නමක් නොදී...

බැසයන හිරු යලි නැග නොඑතහැකි..
වග දැන හොදින් මම
පහදාදෙමි..
ඉපදීම දුකක් බව තවත් වැටහුනි...
උබේ ආලයට මම ලෝබ උනි..

බැසයන්න අවසර
නැත ආස රැදෙන්න
සිතක් තව ලන්වීම
බැහැ මට දරන්න..
ඔබ ඉන්න හුරුලෙසෙ
මග වරද නොගෙනසෙ
ඔබ දුන්න නිදහසේ
පෙම තවත් වැඩිඋනේ අනියමේ
ඒ වැරදි පෙම කෙලෙසේ
අමතක කරන්නේ සිතුසේ
මේ මිනිස් මනසේ
ඊර්ෂ්‍යාව උපදී රිසිසේ
පවට දැඩි බියසේ
අනියමින් නැත සොම්නසේ....

ඒ නීල නෙතගේ
නපුරුකම ඇතුලේ
දුටු පෙමට නිතරේ
සිත බැදුනි රහසේ
ලදරුවෙකු විලසේ..

ආදරේයි කියලා හිමි කරගෙන
ආදරේ නොකරන මිනිස්සු අස්සෙ
ආදරෙයි කියල අහිමිවිම පෙනි පෙනී පවා
ආදරේ කරන කෙනෙක් මන්..

මුලු ජීවිතේම පවාදෙන්නම්
ඔයගෙ සතුට වෙනුවෙන් කියල
වේදනාව දෙන මිනිස්සු අස්සෙ
අහිමි වෙච්ච උබේ හිනාව දිහා බලල
නිහතමානි සතුටක් ලබන කෙනෙක් මන්..

ලබා ගන්න බැරි තැන තවත් ආලයක් තුල
ගුලි වෙන්න උත්සහ කරන මිනිස්සු අස්සෙ
නොලැබීම පවා ජීවිතේ කරගෙන
අසම්පූර්ණ කතාවක මතක අස්සෙන්
හුස්ම ගන්න කෙනෙක් මන්..
හීනියට ඇස් තෙමෙන මේ
අදුරු සවස
හීතලට හොයනවා උබ
නොමැති අඩුව
හැමදේම දරාගෙන පන අදින
මගේ මුලු හිතම
හොයන්නෙම රත්තරන්
තම උබේ තුරුල

පාළුවට ලගපත් කාත්
කවුරුත් නැතිව
කාලයම ගතවෙන්නේ
අපේ මතක ගාව
මොනවානම් කරන්නද මතක
ඇස් තෙමෙන කොට
එතකොටත් රිදෙන්නේ
උබට ලැදි මගේ පපුව

තාලයට හෙමි හෙමින්
නුබ ගියත් ඇතකට
මම තාම එහෙම්මමයි
පෙර නතර උන තැනම
කාලයත් එක්ක උබ දීපු පෙම
උබම යලි මාරුවට
මගේ ආදරේ මරන්න පුලුවන්ද
හිතක් නැති උබට

හසී 

හිතත් එක්ක කතාවක්.. 

"එපාද?"

"කාවද?"

"එයාව"

"එපා"

"ඇත්තටම"

"ඔව් කවදාවත්ම"

"ශුවර්ද?"

"ඔව්"

"එහෙනම් නිදිමරාගෙන ලාස්ට් සීන් බලන් ඉන්නේ?
හුඟ වෙලාවකින් ඔන්ලයින් ඇවිල්ලා නැත්තම් යන්න පුලුවන් ඔක්කොම ඇප් අස්සේ ගිහින් ඒත් ඔන්ලයින් නැත්තම් පිස්සුවෙන් වගේ හොයන්නේ?"

"ඒ තාමත් ආදරේ හින්දා,ඒත් ආයෙමත් එපා"

"හරි එහෙනම් ඉඳලා හිටලා හරි මැසේජ් එකක් දැම්මම ලෝකෙම ලැබුනා වගේ සතුටු වෙන්නේ එපා හින්දද"

"ඒ උනාට එපා"

"ම්ම්ම්.එපා කියලා කිව්වට හිතන් ඉන්නේ කවදාහරි දවසක තැනකට ඇවිත් එයා ඉස්සරහට යන්න ඕනි කියලා නේද"

"ම්ම්ම්"

"කවදාවත්ම එපා නම් ඇයි ආයේම එයා ඉස්සරහට යන්න ඕනි කියන්නේ?අමතක කරනවා නම් එහෙම යන්න ඕනිද"

"දන්නෑ"

"උඹ පව් බන්"

හිතත් එක්ක කරපු කතාවෙදිත් පරාද උනේ මමමයි.
ඉතින් මැණික තේරුම් ගත්තා උඹ නැතුව ජීවිතයක් නැති බව.....
අතීතේ දවසක..    

දළදා පුරවරට
වහිනවලු හරි අපූරුවට
අම්මා කිවුවේ එහෙම...

ගෙන්දගම් පොලොවේ
රස්නේ හරි තදට දැනෙනකොට
හිතුනා ඉන්න තිබුනානම්
මටත් නුවර අහස යට..

ඉස්සර වගේ...   

ඒ වැස්සේ තෙමෙන්න
හිතේ තියන හැම දුකක්ම
එක තත්පරේකට දියකරල දාන්න
පුලුවන් එහෙමනම් මට...

ඒ සීතල විදගන්න
අම්මගේ උණුහුමේ ගුලිවෙලා
අපුරූ හීනෙක සුව විදින්න තිබුනා මට
අම්මා හදලා දෙන කෝපි කොප්පෙක
රස බලන්න තිබුනා ගුලිවෙලා පුටුවකට..

මන් එනදාක වහිනවද නුබ හරියට
ආසයි දවසකට හරි මම
ආයෙත් ඒ අතීතෙට යන්න..

හසී 

සමහර අය හිත් වල හිටියට
කොචිචර නෙත් මානයේ
ඡයාවන් නෙත ගැටුනත්

ඔන්ලයින් දෙස බලමින්
භාවණාවක් මෙන් බලා සිටියේ
යමි නිමෙිශයක හෝ ප්‍රතිචාරයක්
ලැබෙදෝ හිතල!

නමුත්,
නුඹ ඔෆ්ලයින් යන වාරයක් ගානේ
වෙිලාවකට හිතෙනවා
නුඹ මට මිරිගුවක්ද කියල
කොචිචර තෙනින් ගැටුනත්
කවදාවත් හිමි කරගන්න බැරි
මගේ නොවන ආදරයක් කියා

ඉතින්..ඒ දුකට හේතුව මම නැති කරා..

කතා කරොත් කියන්නෙම එයා ගැන
උදේට යවන මැසේජ් සීන් කරලා රිප්ලයි කරන්නේ හවසට
"ඔයාට මම ආදරෙයි.හැබැයි එයාට තරං නෙමෙයි" කියද්දිත් දරාගත්තා මදිද...
අවසානේ උඹව අතඇරියම කියන්නේ මං වැරදීද ..

උඹව අමතක කරලා නෙමෙයි මේ ඉන්නේ...
උඹව #මතක් වෙනවා කියන එක අමතක කරලයි මේ ඉන්නේ..

ඕවා,ඔහොම තමයි කියලා කාට නන් කියන්න බැරිද..
වේදනාව මොන හැඩයක් ගත්තත්..කදුළු එන්නේ එකම හැඩයකින්නේ නේද...?
වෙන කෙනෙක්ගේ බැල්මක් වත් වැටෙන්නැති දෙයක් තමන්ගේ කරගන්න එක තමයි හොඳම
ඒත්... වෙන කෙනෙක් ගැන හිතන කෙනෙක් ළග හුස්ම යනකන්ම ජීවත් වෙන්න වුණොත් ඊට වඩා කරුමයක් තව කොහෙද..

කවමදාවත් හම්බුණේ නැත්තන් හොඳයි කියලා හිතෙන දේවල් හැම ජීවිතේකම තියෙනවා..
කාටවත් නොපෙනෙන තැනක..හැමෝම ඒවා ලියනවා..

දුක් වෙන්නම ඕන උඹ දවසක..මට වටිනාකමක් නොදුන්නට..
උඹ සතුටින් ඉන්න ඕන කියන සීනි බෝල ප්‍රාර්ථනා නෑ මං ළඟ
තත්පරයක් හිනාවුණහම පැය දෙකක්,ඇඩුවා උඹේ වෙනස්කම් ඉවසගන්න..
දවසක් තියෙයි...කව්රු ආවත් මං නැති අඩුව දැනෙන..

උඹට කොතන හරි වැරදුණා
මතකයි අන්තිම දවස්වල මගේ හිනාවත් ඇදට පෙනුණා 

දැන්ම යන්න ඕනද අහන්නේ තමන්ගේ අය
හා එහෙනන් ගිහින් එන්න කියන්නේ පිට අය..
ආය කවදාවත්ම එන්න එපා කියන්නේ අඩියෙන්ම ආදරේ කරපු අය..
දන්නවා
මේ එකක්වත් උඹට කියන්නේ නෑ මම..

එකම දෙයයි කියන්නේ..
ආය ආවත්.නාවත්
උඹ ගැන විශේෂයක් නැති වෙයි මට ....!

කන්නගී.........


උඹ හරි පව් බං
උඹේ ආදරේට ද්‍රෝහි
උනු කෝවලන්
වෙනුවෙන් උඹ
පියයුරක් කපාගත්තා
නගරයක් ගිණි තිබ්බා.....

සීතා......
උඹත් එහෙමයි
තමන්ගෙ පතිවත
පරීක්ෂා කරපු රාමා
වෙනුවෙන් ගිණි සෑයට
පැන්නා.......රාවණාගෙ
පිරිසිදු ආදරේ
තුට්ටුවකට මායිම්
කරේ නෑ........

කුවේණි.......
තමන්ගෙ සනුහරේ
අත් ඇරියා
ආදරේ වෙනුවෙන්......
ආදරේ නැති වෙද්දි
වැඩි වෙද්දි......
ඒ ආදරේම ශාපයකට
පෙරළුනා
විජය වෙනුවෙන්........

ඉස්සරත් එහෙමයි
අදත් එහෙමයි
හෙටත් එහෙම වෙයි......

ගෑණු නහින්නෙම
තමන්ට ආදරේ
නොකරන පිරිමි
වෙනුවෙන්.......
කොයි කාලයක් ගෙවුනත්
ගෑනු ඔහොමමයි.......

කන්නගීලා අදත් ඉන්නවා
නගර ගිණිබත් නොකරට....
සීතාවොත් ඉන්නවා
ගිණ්නට නොපැන්නට
හැමදාමත් පන පිටින්
පිච්චෙන........
කුවේණිලත් ඉන්නවා
ආදරේ කරපු තරමටම
ශාප කරන.........

මාධවි....
දරු ගැබක් දරාගෙන
කෝවලන්ට සමු දුන්නෙ
නිහඩව දරා ගත්තෙ
අසීමිත සෙනෙහස නිසයි

කෝවලන්ලා
රාමලා.......
විජයලා අතරෙ
රාවණා වගේ පිරිමි
හරි දුලබයි.......

මුණ ගැහුනොත් සීතලාට
රාවණාලා අද.........
එදා වගේ නම්
මග ඇරගන්න එකක්
නැතිවෙයි සීතලා.........

කණ්නගී කෙනෙක්
ලබාගන්න පිං පුරවපන්
කෝවලන් උබත්...

බැදීමක් අත් හරිනවනම්..

ආදරේ වේදනාව වැඩිම
අත හරිනකොට නෙවෙයි
මග හරිනකොට...

අල්ලගෙන ඉන්නෙත් නැති
අත් හරින්නෙත් නැති
බැදීමක හිරවෙනකොට...

උබ මොන හේතුවකට උනත්
බැදීමක් අත් හරිනවනම්...
මග අරින්න එපා බන්
මනුස්සයෙක් විදියට
කෙලින්ම කියලා අයින් වෙයන්...

මොකද උබ රිද්දන ඒ
හිත උබේ වෙනස්කම්
වලට හේතුවක්වත් නොදැන
අසීමිතව විදවනවා ඇති

කතා කරන උබව දකින
වාරයක් මොහොතක්
ගානෙම උන් පිච්චෙනවා ඇති

කදුලු සාගරයක් ගැලුවත්
උබට ඒ වේදනාව නොදැනෙනවා
ඇති...
උබ උන්ට උබව එපා කරවලා
උන්ටම උබෙන් ඈත් වෙන තැනට
වැඩ කරන්න ඕනේ ඇති...
මොකද උබ කැමති නෑ
උබ නිසා බැදීම කැඩුනා කියලා
ලෝකෙන් දොස් අහන්න

උබට ඕනේ ඒ අහිංසක
හිත් වලටම වැරදි පටවන්න...

උන් නින්දක් නැතුව
උබ ගැන හිතද්දි
උබ සැප නින්දක ඇති
මොකුත් නොවුන ගානට
උබට පුලුවන් ඇති
වෙන උන් එක්ක ලස්සනට
හුරතල් වෙන්න
උබට උන් වෙනුවෙන් කාලෙත්
ඇති හිතේ හැටියට...

උබට ඇමතුමක් කෙටි පනිවිඩයක්
ප්‍රතික්ශේප කරන එක
දුරකතනය ක්‍රියාවිරහිත කරන එක
උන්ව බ්ලොක් කරලා
දාන එක හරි
සරල ඇති...

ඒත් උන් හූල්ල හූල්ලා
උබ ගැනම හිතනවා ඇති...
උබව පරිස්සම් කරපන් කියලා
මතකෙට එන හැම දෙවියෙක්ම
වදිනවා ඇති...

අන්තිමේට උබෙන් වෙනසට
හේතු අහලා අහලම
උබෙන් උත්තරයක් නැතුවම
උන් යන්නම යාවි...
හැබැයි මතක තියාගනින්
උන් යන්නෙ ජීවිතෙන් වැටිලා
උන්වම අහිමි කරන්...

උන් ගියා කියලා දැනුනාම
උබට කට කොනකට
හිනාවක් ගියාද
ඒ කරදරෙත් ඉවරයි කියලා
හිතුවද...
එහෙනම් උබට හොදටම
වැරදිලා බන්..
උබ අතහැරියේ උබගේ ජීවිතේ
එලිය...
ඒ එලිය නැතිවෙද්දි උබට
පාර නොපෙනෙද්දි
උබට දැනෙන්න ගනියි
ඒ ආදරේ  |

සුදු මහත්තයෝ.. 

පුදුමයි නේද අපේ මේ ආදර කතාව...

මම උඹට හිතින් ආදරේ කරපු තරම්
ඒ ආදරේ කියගන්න බැරුව අසරණ උන තරම්
ඒත් එක ලස්සන රාත්‍රියකදී, උඹ මගේ නළල සිපගන්න ගමන් මට ආදරෙයි කියපු හැටි,
ඒ වගේ දවසක් මගේ මුළු ජීවිතේටම නැති තරම්
හිතගන්නත් බෑ අදටත් හීනයක් වගේ මට නම්

ඒ ලස්සන දවසේ ඉඳන්
අපි පුදුම ආදරෙන් හිටියා,
අපි නොහිතපු තරම් අපි අපිට ලං උනා,
හුස්මක වෙනසක් උනත් දැනෙන්න පටන්ගත්තා,
දවසින් දවස කාලය ගෙවිලා යද්දී
උඹට මමත්, මට උඹත් නැතුවම බැරි උනා..

අපි ගත කරපු හැම මොහොතක්ම
ආදරෙන් පිරිලා තිබුනා...
අපි ආව ගිය තැන් හරිම සුන්දරයි...
ආයෙමත් දවසක උඹ එක්ක,
ගෝල් ෆේස් ගිහින් කොනක වාඩිවෙලා,
වඩේ ගෙඩියක් කන ගමන්,
ඔහේ කියව කියව
ආසයි මුහුද දිහා බලන් ඉන්න....

මුළු ලෝකෙනම වෙන් වෙලා,
අපි නිදහසේ ඉන්න වෙලාවට
මට ඕන උඹේ පපුව උඩ ඔලුව තියන් ඉන්න.
ඒ වෙලාවට මගේ ඔලුව හෙමිහිට අතගාන ගමන් ඉවරයක් නැති මගේ කියවිල්ල
උඹ ආසාවෙන් අහන් හිටියා..

කරදර බාධාමැද උනත්
චූටි වෙනසක්වත් වෙන්න නොදී
අපි අපේ ආදරේ රැකගත්තා..
හරියටම බැලුවොත් මේ කාලෙටම
අපි තරහා වෙලා හිටියේ
දවස් අතේ ඇගිලි ගානට ඇති..

ඒත්....

මගේ මුළු ලෝකෙම උඹ උනත්,
උඹට වෙනමම ලෝකයක් තිබුනා...
ඒ නිසාමද කොහෙද ළඟදී ඉඳන්
උඹ වෙනස් වෙන්න ගත්තා...
මාව මගඅරින්න පටන් ගත්තා,
මගේ කටහඩ අහන්නේ නැතුව
ඉන්න බැරි උන උඹට
මාව වදයක් උනා...
මාව නොදැක එක මොහොතක්
ඉන්න බැරි උන උඹට මාව පේන්න බැරි උනා..
මගේ ඇස් වල කඳුළු දකින්න අකමැති උඹ
මගේ ඇස් වලට කඳුළු දුන්නා....
කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියපු
උඹේ ආදරෙත් වෙනස් උනා නොහිතපු විදියට....
මම උබව සැක කරා..
රන්ඩු උනා අපි හරියට..


හැමදේම දරාගෙන උඹේ මැණික,
ජීවත් වෙනවා හැමදාම උඹ නමින්ම....
දෙන්නේ නෑ කවදාවත්,
උඹේ තැන වෙන කාටවත්ම...
උඹ වැරදි නෑ මහත්තයෝ,
ආදරේ කළා මටත් පන වගේම...
තියේනම් එයා ළඟ මට වැඩිය ආදරය,
ඇයි ආවේ උඹ හොයාගෙන අසරණ මාවම..
මට හිතන්නෙම මම තරම්
කවුරුවත් ආදරේ නෑ උඹට,
හොයාගන්න නම් බැරි වෙයි මහත්තයෝ මේ වගේ ආදරයක් ආත්ම හතකට..

මේ තරම් පන වගේ ආදරේ කළත්
මට උඹ අයිති නෑ...
ඒත් මට උඹ නැතුව ජීවත් වෙන්නත් බෑ
උඹට මාව අයිති කරගන්නත් බෑ..
ඒකට එකම හේතුව උඹ හදාගත්ත උඹේ ලෝකය...
කවදහරි දවසක උඹ මගේ උනොත් එදාට මමත් මේ ලෝකේ එළිය දකීවි...
මේ ආත්මෙ මගේ වෙන්න බැරි උනොත්
ඉපදියන් ලබන ආත්මෙ..
මම ගැහැනු ආත්මයක් ලබන්නම්..
උබ ඉපදියන් මගේ කුසේ
එදාට කාටවත්ම බැරි වෙයි
උඹ මගේ වෙන එක නවත්තන්න...
සත්තයි,
එදා ඉඳන් උතුරයි මවු සෙනෙහස
ආතම ගානකට... 

මන් නවතින්නමි!

එක්තරා තැනක නතර වුනා හිත
ඔවි ඒ නතර වුන තැත තමයි
තමන් ගැන තෙරුමිගන්න
පුලුවන් අවස්ථාව

හිත නතර වුන තැන්වල
බොහෝ අවංක හදවත්
කාලයකට උඩදි ආදරය
හොයාගෙන ගියපු අය

එ කාලය තුළ සිනහව සතුට
ඉතිරෙන්න තිබුණ කාලයක්
එ වගේම ආදරය කරල
මුලු ජිවිතයම කැප කරපු අය

මොනවද ආදරය වෙනුවෙන්
නොකරේ?

අවංක හදවතක් නමි
කැප කරන්න පුලුවන් දෙවල්
අන්තයටම කරල ඇති
දන්නවද?
එචිචරටම ආදරය කරපු
කෙනෙක්ගේ මතකය හරි බරයි

ඒක දරාගන්න අමාරු දෙයක්
එ මතකය ගබඩා වෙලා
හිත ඇතුලේ තිබුණට
මුණගැහුණ පළවෙනි දවසේ
ඉඳන් නිමාවක් පැවතුනා නමි
එ නිමාව දක්වාම අකුරක් ගානේ
හැමදේම මතකයි

මුණගැහුණ පළවෙනි දවසේ ඉඳන්
නිමාවක් කිවිවම?
ආදර කතා වල නිමාව තිබුනේ
මරණය මුණගැහුණ තැනකදි පමණයි
නමුත් හරි ආදර කතාවක් නමි ඒක
සමාප්තියක් විතරයි
සසරේ හැම තැනකම මුණගැහෙණවා 

නමුත් මෙ නිමාව කිවෙි මොකක්ද?
අසිමාන්තික ආදරය කරපු
ජිවිතය කියල හිතපු කෙනා
තමාට පොරොන්දු කඩ කර
නික්ම ගියපු දිනයක් ගැන

එදා පටන් තමයි සිනහවත් මරපු
කෙනෙක් වගේ ජිවිතයට
අන්දකාර අවදියක් පැමිණියේ...
ජිවිතය බලාපොරොත්තු වගේම
හැමදෙයක්ම කඩාගෙන වැටුන අවදියක්..

හිත් වලින් අබිබගාතකයෙකු වෙලා
හිත හදාගන්න නොහැකිව
උමතුවෙන් වගේ මතකය ඇතුලේ
සිරවෙලා වෙිදනාකාරිව ජිවත් වුයේ

දන්නවද?
අවංක හදවතක් කවදාවත්
කොපමණ වෙිදනාකාරිව සිටියත්
එ මතකය අමතක කරන්න
ඉඩ දෙන්නේ නැ

ප්‍රතික්ෂේප වුනා තමයි
නමුත් එ ප්‍රතික්ෂේප වීම
නිහඩවම භාර ගත්තා වගේම
අවංක හදවතක් තවත් බැඳිමි
හොයන්න ගියේ නැ කවදාවත්

ගෞරවාන්විතම හුදකලාව
තෝරා ගත්තා පමණයි
හුදකලාවක් තොරා ගන්නේත්
අවංකව ආදරය කරපු
අවංක හදවතක් තියෙන
කෙනෙක් පමණයි..

මොකද බැඳිමි තව දුරටත්
හොයන්න යන එක දුකක්
කියල අවබෝධ කරගත්තම
සිරකාරයෙක් වෙන්නේ නැ කවදාවත්
නමුත් ගොඩක් අයට
හුදකලාව කියන්නේ
අවනඩුවක් පමණයි..

ඇත්තටම හුදකලාව තමයි
ඒ මතකය තුනි කරල
එ මතකයේ වෙිදනාකාරි භාවය
අවම කරල දුන්නේ
කාලයත් සමඟ හුදකලාව විසින්ම
ඒ මතකය වෙිදනාකාරිභාවය
අවම කරල දුන්නත්

යමි මොහොතක හරි
කවිරැ හරි කෙනෙක් විසින්
එ මතකය ආවර්ජනය කරොත්
පමණක් නැවතත් අර කදුලත් එක්කම
එ් දුක ඇති වෙනව එකාන්තයෙන්ම
මොකද එ දුක හදවතේ කොනක
සඟවා සිටිමක් පමණයි

ඇත්තටම ඒ මතකයත් එක්කම
හුදකලා වීම ගෞරවයක් වුණාට
එය වෙිදනාත්මක ගෞරවයක් පමණයි
ඒක දන්නේ තමන්ගේ අවංක හිත විතරයි
කවදාවත් එ මතකය උඩට ගන්න
හදන්න එපා!
මොකද කෙතරමි ගෞරවයකින්
නිහඩ වෙලා හුදකලා වි හිටියත්
එ මතකය ශාපයක් වගේ
හරිම වෙිදනාකාරි

ඇත්තටම අදටත් ඉන්නවා එහෙම
අවංක හදවත් හුදකලා වුණ අය
එ අය ගොඩක් ජිවිතයේ පරිණතයි
ජිවිතය ගැන ලොකු අවබෝධයක් තියෙනවා
එ වගේම ආයේ ලෙසියට වරදින් නැ!

ස්වභාවධර්මයක
ආශිර්වාදයක් පමණයි
හුදකලාව කියන්නේම
ඒකට සමිප වන කෙනෙක්ට
අදහගන්න බැරි සොඳුරැ
පරිත්‍යාගයන් ලබා දෙනවා
ස්වභාවධර්මය විසින්ම

මන් නවතින්නමි!

පපුව උඩ කපුරු පත්තු කරලා...

අයිති වෙන්නෙම නැති තැන් වල
ප්‍රේ..ම..ය..ත්  ඉපදිලා විදවන්නෙ මොකටද....?

කදුලු   පැහි, පැහී ඇස්වල නටපුදෙන්......
හුස්ම තැලි, තැලී හ..ද..ව..තේ තිබුනදෙන්......
උඹේ නම කෙටි, කෙටී හැම නහරෙකම එතුනදෙන්....
ආ..ද..රේ  නැතුවට කමක්නෑ..... හෙ..ට..ත් උඹ මේ.... පපුවෙ ඉදපුදෙන්...

ජී..වි..තේ.. හිස් තැන් පුරව..පුරවා....
උඹ මං ළග උන්නු.. ම..ත..ක  විතරක්....
හීනියට හිත කො..නි..ත්..ත..පු..දෙ..න්........

බදාගෙන ඇඩුවත්   නවතින්න බැරි..
පපුව උඩ කපුරු පත්තු කරලා... ඉල්ලුවත්...
දෙ..වි..යො..ත්.. දෙන්නෙ නැති...
නොකිව්වට හැම තැනම.. හංගගෙන රැක්කට නිතී..
හැමෝටම ඇති... අනුන්ගේ වෙනවා බලාගෙන ඉන්නමබැරි..
කෙනෙක් කොහේ හරි....

කදුළු වල පැල්ලම්.. හෝද, හෝදා...
උඹ හාදු වලින් පුරවපු.. කම්මුල් වලට දැන් බරවද මන්දා. .

ආ..කා..සෙ..ට.. දුර වුණත් තරු පේන්නේ කොහොමද.. ඔච්චර ලස්සනට....
මලක් මැ..රු..ණ..ම.. කැකුළක් එන්නේ ගහ පාළු කරන්න බැරි කමට.....
වැස්සක් වුණත් ඉදහිට වැටෙන්නේ.... පොළව ඉඹගෙන මැරෙන්න.......

එපාම කිවුවත්.. පස්සෙන් එන්නේ.. උඹ තනිවෙයි කියන බයට..... 

මටත් වඩා උඹ ගැන හිතන්න...
හිතත් පු..රු..දු.. වුණේ කොහොමද..
අයිති වෙන්නෙම.. නැති තැන් වල..
ප්‍රේමයත්  ඉපදිලා විදවන්නේ.. මොකටද.?? 

   

තාත්තා කෙනෙක් වගේ තමන්ගෙ කොල්ලව පරිස්සම් කරන.. 

කොච්චර වැරදි කරත්
බැනලා බැනලා
ආයෙම ලගට තුරුල් කරගෙන ආදරේන් ඒ
දේවල් කියලා දෙන..

අසනීපයක් උනාම
කෑවද බිව්වද
බෙහෙත් ගත්තද කියලා ඇහුවට වඩා..
හැම තප්පරේම
හැම විනාඩියෙම
හැම පැයේම
පිස්සුවෙන් වගෙ හිතින් හිත හිත දුක් විඳින..

ඔයාගෙ ප්‍රශ්න මගේ කරගෙන
ඒවාට උත්තර හොයන්න
උබත් එක්කලම ඉන්න..

ඔයා එක්ක කොච්චර කොහෙ ඇවිදින්න ගියත්
මගේ අතින්ම අල්ලගෙන පරිස්සමින් එක්කගෙන යන..

ඔය හිත කොච්චර නපුරු උනත්
දඩබ්බර උනත්
මගෙ ලග හුරතලෙන් ඉන්න..

අම්මා තාත්තාට පවුලෙ අයට පස්සෙ මාව විතරක්
ජීවිතේ කරගත්ත..

උබෙ මත්තෙම නැහීගෙන
උබටම විතරක් ආදරේ කරගෙන 
උබ වෙනුවෙන්ම ජීවත් වෙන..

ඔව්...!
මේ වගෙ පිරිමි හිත් හොයාගන්න හරි අමාරුයි 

දෙයක් කියන්නම්..
උබට හම්බුනොත් ඔය වගෙ කොල්ලෙක්
රැකගනිම් මොන දේ නැතිවුනත් උබේ..

සල්ලි දවසක හම්බකරන්න පුළුවන්
ඒත් ආදරේ හම්බකරන්න බෑ

සමහරවිට ඒ වගෙ කොල්ලෙක් හම්බුනොත්
මේ ලෝකෙ ඉන්න පිංවන්තම කොල්ලත් උඹ වේවි..

 නියම පිරිමියෙක්ගෙ


නියම පිරිමියෙක්ගෙ වත් පොහොසත්කම තීරණය
වෙන්නෙ තමන්ට ආදරය කරන
කොල්ලගෙ මූණේ හිනාවෙ තරමින්

ඔව් මම දැකපු අනිත් කොල්ලන්ට වඩා උඹ හුගක් වෙනස්
මම ඒ වෙනසට පට්ටම ආදරේයි

උඹ දන්නවා මම උඹ එක්ක යාලු උනේ කවදාවත්
මොනදේ කොහොම සිද්ද උනත් ආතාරින්න
බලාගෙන නම් නෙවෙයි කියලා

ඔව් ආදරේ කරලා හිත් තලන්න ගොඩක් අය හිටියට
හිත සැනසෙන්න ආදරේ කරන්න
දන්නෙ බොහොම අතලොස්සයි

මට ඕනෙ උනේ උඹ එක්ක ආදරයෙන්,
ඉවසීමෙන්, හුරතලෙන් ඉන්න
අපිට පුළුවන් විදියට හැමදේම සම්පූර්ණ කරගන්න

මට ඕනේ උනේ උඹ කියන හැමදේම අහන්න
උඹ කියන විදියට ජීවත් වෙන්න
මගේ අඩුපාඩුකම් හොද නරක උඹ කියලා දෙනවට..

අපේ ජීවිතේ විදින්න.. බොරු සෝබන වැඩ නැතිව..
උඹේ ඇස් දෙකෙන් ලෝකෙ දකින්න

මම හැමතිස්සෙම හෙව්වේ සල්ලි අතින් වත්
ලස්සන අතින් වත් සුපිරි චරිතයක් නෙවෙයි
ආදරේ අතින් අවංක පට්ට චරිතයක්...

ඒත්, උඹේ ඇස් දෙකෙන් ලෝකෙ දකින එක කෙසේ වෙතත්
අද මම තට්ට තනියම රෑ එළි වෙනකම් තවම
උඹ ගෙන හිතනවා බං උඹ හොදට නිදි ඇස් දෙකත් වහන්..
ඔවු උඹ මට දුන්න ආදරේට මොකද උනේ කියලා..
උඹ වෙනස් වෙලා කවදාවත් හිතුවෙ නැති විදියට...
ඒ පට්ට චරිතෙ කෝ අද ?
හිතාගන්නවත් බෑ..

උඹ වෙනුවෙන් මම කොච්චර දේවල් කරත්
කැපකිරීම් කළත් උඹට දැන් ඒවා ගානක් වත් නෑ නේද
උඹ මගේ හිත ගොඩක් රිද්දනවා
එහෙම කරද්දිත් මම කවදාවත් උඹට
වචනෙකින් වත් එහෙම කරලා නෑ නේද

ඒ හින්දම ද උඹට තවම තේරෙන් නැත්තෙ
මගේ හිත රිදෙනව ද , කොච්චර ඉවසනව ද කියලා
උඹ මට ඔහොම කරලා මදි බං

උඹට මගේ වටිනාකමක් නැතිව ඇති දැන්..
සේරම ඉවසන් උඹට ආදරේ කරනවා මං තවමත්..
ඔව් මම හරිම අසරණයි..

ආදරේ කියන්නෙත් හැමදේම දරාගන්න එකට කියලා
මම ඉගෙන ගත්තෙ උඹට ආදරේ කරන්න ගත්තට පස්සෙ 


දුක කියන්නෙම..
කටහඩ ඇහෙන් නැති වෙද්දි..
ඇස් දෙකට නොපෙනෙද්දි..
කෝහේ ඉන්නෝද මොනා කරනෝද කියලා ..
හොයා ගන්න බැරිව...

අහන්න කෙනෙක් නැතිව..
උබ නිසා මගේ හිත අසරන වෙන වාරයක් ගානේ..
මතක් වෙද්දි..
පපුව මොකක්දෝ වෙද්දි..
නොදැනීම කඳුලු එද්දි..

ඇස් රිදෙනකම් උබෙන් කෝල් එකක් එනකම් බලන් ඉද්දි..
හැම තැනම උබව පෙනෙද්දි..
ඒ කටහඩ ඇහෙද්දි..
කියපුව මතක් වෙද්දි..
ඒ වාරයක් ගානේ මං පිච්චෙද්දි...
විදවන විදිය උබට කියන් විදියක් නැතුව ලතැවෙද්දි...

මං දන් නෑ මොකක්දෝ හේතුවකට..
හිත හොදටෝම රිදෙද්දි..
උබ නැතුව තව ඉන්න බෑ කියල හිත කියද්දි...
මතක් වෙන වාරයක් ගානේ කඳුලු කම්බුල් දිගේ බේරෙද්දි..
අනේ මේ දුක කියන්න උබ හිටියනම්....

මං දුකින් කියලා උබට දැනෙනවනම්..
අනේ මේ අහින්සකය බලන් ඇති කියලා ආයේ එක සැරයක් කතා කරපන් මගේ සුද්දෝ ..
උබ තමයී මගේ හුස්ම ..
මගේ පන ටික..
මගේ ජීවිතේ...
මගේ ලෝකේ..
මගේ හැමදේමනේ බං උබ..

ඉන්න පුලුවන්ද රත්තරනේ..
උබට මං නැතුව..
කටහඩ අහන් නැතුව..
කෝමෙයී උබ ඉන්නෙ මේ පිස්ස නැතුව...
මතක් වෙන් නැතෙයී මාව..

චුට්ටක්වත් ඔය හිතට..
දැනෙන් නැතෙයී මාව..
උබව හොයනෝ කියලා තප්පරයක් ගානේ..
අනේ ඉන්න තැනකින් වරෙන් මගේ දෙයියෝ...
උබ නැතුව ගෙවෙන තප්පරයත් මට අවුරුදු කල්පයක් වගේ..

මගේ සුද්දෝ..
කවද හරි උබ එනකම්..
මං බලන් ඉන්නො මැනික..
උබ තමයී හැමදේම මගේ..
ආදරෙයී ගොඩක්..
මගේ හුස්ම ටික..
පරිස්සමින් ඉන්න කියලා ගියපු උබ...

ඔව් පරිස්සම් උනා..
උබ කියපු විදියටම හිටියා..
සිගරට් බොන එක නැවැත්තුව..
ගිනි වතුර බොන එක නැවැත්තුව..
උදේම නැගිට්ටා..
වෙලාවට කෑවා..
ඔව් ඒ හැමදේම උබ නිසා..

වෙනදා දවසට එක වේලක් කාලා
ඔහේ පැත්තක වෙලා බලාගත්තු අත...
බලාගෙන ඉදපු මං..
උබ නිසා ගොඩක් වෙනස් උනා..

ඔව් ආදරේ නිසා වෙන් ඇතී...
දුක් විදපු හිතකට පන දෙන්න පුලුවන් ආදරේකට විතරයී...
ඔව් උබ ඒක කරා..

ඒත්...
ටික දවසකට උබ මගෙන් ඈත් වෙද්දි...
දරාගන්න බැරි කඳුලු හංගන් මාත් හිනා උනා..
මොකද කඳුලු එක්ක තියෙන්නේ උබේ ලොකු තරහක් නිසා..
මං ඇඩුවොත් සේරම පලිය උබෙන්ම ගන්න නිසා..

වෙනදා දවස පුරා අඩපු මං..
උබට බයේ කඳුලු හංග ගත්තා..
උබව මතක් කර කර හිනා උනා..
උබ නිසා හරි සතුටින් හිටියා..

ටික දවසකට ඈත් උනත්...
ඉදලා හිටලා ඔන්ලයින් ඇවිත්..
පරිස්සමින් ඉදපන් මැනික කියලා ..
හදීසියෙන් හරි උබ මාව පරිස්සම් කරද්දි..
හිතට දැනුනෙ නොසෑහෙන්න සතුටක්..

මැරුනු මම ජීවත් උනේ ආයෙත් උබ නිසා..
උබේ හිනාවයී...
හිතුවක්කාරකමයී..
නපුරුකමයී..
මතක් කර කර උබ නැති උනත් ඒ දවස් කොහොම හරි ගෙව්වා..
ආයෙත් උබ කතාකරන දවසක් එනකම් බලන් ඉදියා..

ඒත්...
උබ ඔන්ලයින් ඇවිත්..
මැසේජ් එකක් නොදා..
මං දාපු මැසේජ් බලලා ගිහින් තියෙද්දි..

සත්තයී රත්තරං ❤...
ගිනි ගත්තා..
මුලු පපුවම..
උබ හදිස්සියෙන් හරි කතා කරනකම්...
මං බලන් ඉදිය තරම්..
උබට එවලා තීන..
මැසේජ් සාක්ශි දරාවී..

මොනා කරන්නද..
උබ ගාව දි ගොඩාක් අසරනයී මං..
රණ්ඩු කරන් නෑ උබ එක්ක මං..

ඒත්....
උබ දන් නෑ ඒ වෙලාවෙ දැනුනු වේදනාව...
ඇස්වලටත් හොරා කඳුලු බේරෙද්දි..
අනේ රත්තරනේ කියලා..
ආපහු මං නිහඩ උනා..
මොකද උබට කරදර කරලා වදයක් වෙලා උබගෙන් මැසේජ් එකක් ගන් ඕන් නැති නිසා..

කමක් නෑ මැනික...
මං ගැන නොහෙව්වට..
ඒත් මට ඕනේ උබේ පරිස්සම..

ඉන්න තැනක සතුටින් ඉදපන් සුද්දෝ..
උබට උනු පොරොන්දු හැමදාමත් රකිනවා...
කතා කරපන් මතක් උනොත් මේ අයියව..
බලන් ඉන්නෝ මං පිච්චි පිච්චි හැමදාම..

රැකගනිම් ඔය තීන්නේ මගේ හිනාව....
කරදරයක් වෙන්න එපා ජීවිතේට..
පරිස්සමින් ඉදපන් මගේ මැනික..
උබ ඔය අරන් ගියේ මගේ සතුට...