දළදා පුරවරට
වහිනවලු හරි අපූරුවට
අම්මා කිවුවේ එහෙම...
ගෙන්දගම් පොලොවේ
රස්නේ හරි තදට දැනෙනකොට
හිතුනා ඉන්න තිබුනානම්
මටත් නුවර අහස යට..
ඉස්සර වගේ...
ඒ වැස්සේ තෙමෙන්න
හිතේ තියන හැම දුකක්ම
එක තත්පරේකට දියකරල දාන්න
පුලුවන් එහෙමනම් මට...
ඒ සීතල විදගන්න
අම්මගේ උණුහුමේ ගුලිවෙලා
අපුරූ හීනෙක සුව විදින්න තිබුනා මට
අම්මා හදලා දෙන කෝපි කොප්පෙක
රස බලන්න තිබුනා ගුලිවෙලා පුටුවකට..
මන් එනදාක වහිනවද නුබ හරියට
ආසයි දවසකට හරි මම
ආයෙත් ඒ අතීතෙට යන්න..
හසී
No comments:
Post a Comment