නියම පිරිමියෙක්ගෙ වත් පොහොසත්කම තීරණය
වෙන්නෙ තමන්ට ආදරය කරන
කොල්ලගෙ මූණේ හිනාවෙ තරමින්
ඔව් මම දැකපු අනිත් කොල්ලන්ට වඩා උඹ හුගක් වෙනස්
මම ඒ වෙනසට පට්ටම ආදරේයි
උඹ දන්නවා මම උඹ එක්ක යාලු උනේ කවදාවත්
මොනදේ කොහොම සිද්ද උනත් ආතාරින්න
බලාගෙන නම් නෙවෙයි කියලා
ඔව් ආදරේ කරලා හිත් තලන්න ගොඩක් අය හිටියට
හිත සැනසෙන්න ආදරේ කරන්න
දන්නෙ බොහොම අතලොස්සයි
මට ඕනෙ උනේ උඹ එක්ක ආදරයෙන්,
ඉවසීමෙන්, හුරතලෙන් ඉන්න
අපිට පුළුවන් විදියට හැමදේම සම්පූර්ණ කරගන්න
මට ඕනේ උනේ උඹ කියන හැමදේම අහන්න
උඹ කියන විදියට ජීවත් වෙන්න
මගේ අඩුපාඩුකම් හොද නරක උඹ කියලා දෙනවට..
අපේ ජීවිතේ විදින්න.. බොරු සෝබන වැඩ නැතිව..
උඹේ ඇස් දෙකෙන් ලෝකෙ දකින්න
මම හැමතිස්සෙම හෙව්වේ සල්ලි අතින් වත්
ලස්සන අතින් වත් සුපිරි චරිතයක් නෙවෙයි
ආදරේ අතින් අවංක පට්ට චරිතයක්...
ඒත්, උඹේ ඇස් දෙකෙන් ලෝකෙ දකින එක කෙසේ වෙතත්
අද මම තට්ට තනියම රෑ එළි වෙනකම් තවම
උඹ ගෙන හිතනවා බං උඹ හොදට නිදි ඇස් දෙකත් වහන්..
ඔවු උඹ මට දුන්න ආදරේට මොකද උනේ කියලා..
උඹ වෙනස් වෙලා කවදාවත් හිතුවෙ නැති විදියට...
ඒ පට්ට චරිතෙ කෝ අද ?
හිතාගන්නවත් බෑ..
උඹ වෙනුවෙන් මම කොච්චර දේවල් කරත්
කැපකිරීම් කළත් උඹට දැන් ඒවා ගානක් වත් නෑ නේද
උඹ මගේ හිත ගොඩක් රිද්දනවා
එහෙම කරද්දිත් මම කවදාවත් උඹට
වචනෙකින් වත් එහෙම කරලා නෑ නේද
ඒ හින්දම ද උඹට තවම තේරෙන් නැත්තෙ
මගේ හිත රිදෙනව ද , කොච්චර ඉවසනව ද කියලා
උඹ මට ඔහොම කරලා මදි බං
උඹට මගේ වටිනාකමක් නැතිව ඇති දැන්..
සේරම ඉවසන් උඹට ආදරේ කරනවා මං තවමත්..
ඔව් මම හරිම අසරණයි..
ආදරේ කියන්නෙත් හැමදේම දරාගන්න එකට කියලා
මම ඉගෙන ගත්තෙ උඹට ආදරේ කරන්න ගත්තට පස්සෙ
No comments:
Post a Comment