ලංවෙන්න තහනම් තැනක
සෙව්වා පෙමක් හිමිනොවන
පැවසුවත් ඔහු සත්‍ය
දැන දැනයි මා කලේ වරද
මිතුදමකි එහි මුලින් තිබුන
ආදරෙයි මා කලේ ඔහුට
පෙම්කලා ඔහු ඈට...
මා ලංවනා ඔහු වෙතම
ඔහු සිතෙහි මා ගැනද
පෙමක් ඇත සගවගෙන
දැන උනත් විරහවේ රසය
තව කලා පෙම් අඩු නැතිව....
වචනයක් පාසාම
වැඩිවුණා ආදරයේ ගැබුර
ලංඋනොත් මම ටවත් ඈ කරයි මට වෛර
බියක් නැත ඔහු ගැනද
දුකක් ඇත මා සිතට
ඔහු තැවෙයි තව තවද..
නොනිවී ඇවිලේ..
සිතේ ඔහුගේ මතකේ...
සවන් තුල රැවුදේ...
පෙම් ස්වරයේ නාදේ...
ආදරය අස්සේ...
මසිත නිවි නිවී දැල්වේ...
මුලාවක් පස්සේ
මම යන්නෙ නෑ හැල්මේ ...
අදිටනින් හැම තිස්සේ....
යන්නේම මා ඔහුගෙ පස්සේ... .
No comments:
Post a Comment