Thursday, May 28, 2020

දුක කියන්නෙම..
කටහඩ ඇහෙන් නැති වෙද්දි..
ඇස් දෙකට නොපෙනෙද්දි..
කෝහේ ඉන්නෝද මොනා කරනෝද කියලා ..
හොයා ගන්න බැරිව...

අහන්න කෙනෙක් නැතිව..
උබ නිසා මගේ හිත අසරන වෙන වාරයක් ගානේ..
මතක් වෙද්දි..
පපුව මොකක්දෝ වෙද්දි..
නොදැනීම කඳුලු එද්දි..

ඇස් රිදෙනකම් උබෙන් කෝල් එකක් එනකම් බලන් ඉද්දි..
හැම තැනම උබව පෙනෙද්දි..
ඒ කටහඩ ඇහෙද්දි..
කියපුව මතක් වෙද්දි..
ඒ වාරයක් ගානේ මං පිච්චෙද්දි...
විදවන විදිය උබට කියන් විදියක් නැතුව ලතැවෙද්දි...

මං දන් නෑ මොකක්දෝ හේතුවකට..
හිත හොදටෝම රිදෙද්දි..
උබ නැතුව තව ඉන්න බෑ කියල හිත කියද්දි...
මතක් වෙන වාරයක් ගානේ කඳුලු කම්බුල් දිගේ බේරෙද්දි..
අනේ මේ දුක කියන්න උබ හිටියනම්....

මං දුකින් කියලා උබට දැනෙනවනම්..
අනේ මේ අහින්සකය බලන් ඇති කියලා ආයේ එක සැරයක් කතා කරපන් මගේ සුද්දෝ ..
උබ තමයී මගේ හුස්ම ..
මගේ පන ටික..
මගේ ජීවිතේ...
මගේ ලෝකේ..
මගේ හැමදේමනේ බං උබ..

ඉන්න පුලුවන්ද රත්තරනේ..
උබට මං නැතුව..
කටහඩ අහන් නැතුව..
කෝමෙයී උබ ඉන්නෙ මේ පිස්ස නැතුව...
මතක් වෙන් නැතෙයී මාව..

චුට්ටක්වත් ඔය හිතට..
දැනෙන් නැතෙයී මාව..
උබව හොයනෝ කියලා තප්පරයක් ගානේ..
අනේ ඉන්න තැනකින් වරෙන් මගේ දෙයියෝ...
උබ නැතුව ගෙවෙන තප්පරයත් මට අවුරුදු කල්පයක් වගේ..

මගේ සුද්දෝ..
කවද හරි උබ එනකම්..
මං බලන් ඉන්නො මැනික..
උබ තමයී හැමදේම මගේ..
ආදරෙයී ගොඩක්..
මගේ හුස්ම ටික..

No comments:

Post a Comment