ආදරණීය රාවණා නෑ වැරදුණා මට
හිතවත් රාවණා ....❤️❤️❤️
මට තාම හරි දුකයි රාවණා
උඹටත් මං හින්දා හරියට
දෙස් දෙවොල් නේද
රාවණා .... ♥
අන්තපුරයක් එක්ක
නිදිවැදුණු රාමාත්
සුපර්ණිකාව වනසපු
ලක්ෂ්මනුත් දැන් හරි
වීරයෝ වෙලා
රාවණා ... ♥
උඹව රාමාට පාවා දුන්නු
විභීෂණ අද දෙවි
කෙනෙක් වෙලා
උඹේ රට ගිනිතියපු හනුමාට
උඹේ රටේ උන් ම වැදුම් පිදුම්
කරනවා රාවණා ... ♥
ගැහැණියකගේ ගැහැණුකම
ආරක්ෂා කරපු උඹට
සල්ලාලයෙක් කියනවාලු
නේද රාවණා.... ♥
තාමත් භාරතයේ
දුස්රා උත්සව තියලා
උඹව පුච්චනවා රාවණා ...
ඔව්...
උන් තාම උඹට මහා හුගක්
බය ඇතියි රාවණා ... ♥
උඹ මට පෙම් කලාලු
මට උඹව මගහැරැණේ
මගේ පෙර පවකටලු
දැන් උන් එහෙමත් කියනවා
රාවණා ... ♥
ඇත්ත...
මට උඹව මගහැරැණේ
මගේ පෙර පවකට
ඒක ඇත්ත රාවණා ... ♥
උඹ වගේ දඩබ්බර හිතක් ලග
ගෑනු අපි දපනෙ වැටෙනවා
රාවණා ... ♥
ඒත් උඹ ආදරේ කලේ
මන්දෝදරියට විතරයි
උඹේ හිතයි මමයි දන්න ඇත්ත
ලෝකෙට ම කියපන්
රාවණා ... ♥
මන්දෝදරිය එක්ක උඹ
පෙම් කරපු ආලකමන්දාව
ගිනිගද්දී උඹට වඩා මං
දුක්වුණා රාවණා ... ♥
ඇත්තමයි
උඹ තරම් ගෑණියකට ගරු කරපු
උඹ තරම් ලංකාවට පෙම් බැදපු
උඹ තරම් ආදරේ දන්න
කවුරුවත් ම
මම තාම දැක්කේ නෑ
රාවණා ... ♥
ඉතින් මං ආයෙමත් ගින්නට පනින්නම්
උඹේ නමින් විතරක්
රාවණා ... ♥
උඹේ නිදොස් බව
එහෙමවත් ලෝකෙට කියන්න ද
රාවණා ... ♥
පුළුවන් නම් එකම එක වරක්
ආයෙමත් ඇවිදින්
මේ ලෝකෙට ඇත්ත ආදරේ හැටි
කියලා දීපන්
රාවණා .... ♥
උඹට හොරෙන්
උඹට පෙම් කරපු
මං සීතා...❤️❤️❤️
No comments:
Post a Comment