Thursday, May 28, 2020

හීනියට ඇස් තෙමෙන මේ
අදුරු සවස
හීතලට හොයනවා උබ
නොමැති අඩුව
හැමදේම දරාගෙන පන අදින
මගේ මුලු හිතම
හොයන්නෙම රත්තරන්
තම උබේ තුරුල

පාළුවට ලගපත් කාත්
කවුරුත් නැතිව
කාලයම ගතවෙන්නේ
අපේ මතක ගාව
මොනවානම් කරන්නද මතක
ඇස් තෙමෙන කොට
එතකොටත් රිදෙන්නේ
උබට ලැදි මගේ පපුව

තාලයට හෙමි හෙමින්
නුබ ගියත් ඇතකට
මම තාම එහෙම්මමයි
පෙර නතර උන තැනම
කාලයත් එක්ක උබ දීපු පෙම
උබම යලි මාරුවට
මගේ ආදරේ මරන්න පුලුවන්ද
හිතක් නැති උබට

හසී 

No comments:

Post a Comment