Thursday, May 28, 2020

සුදු මහත්තයෝ.. 

පුදුමයි නේද අපේ මේ ආදර කතාව...

මම උඹට හිතින් ආදරේ කරපු තරම්
ඒ ආදරේ කියගන්න බැරුව අසරණ උන තරම්
ඒත් එක ලස්සන රාත්‍රියකදී, උඹ මගේ නළල සිපගන්න ගමන් මට ආදරෙයි කියපු හැටි,
ඒ වගේ දවසක් මගේ මුළු ජීවිතේටම නැති තරම්
හිතගන්නත් බෑ අදටත් හීනයක් වගේ මට නම්

ඒ ලස්සන දවසේ ඉඳන්
අපි පුදුම ආදරෙන් හිටියා,
අපි නොහිතපු තරම් අපි අපිට ලං උනා,
හුස්මක වෙනසක් උනත් දැනෙන්න පටන්ගත්තා,
දවසින් දවස කාලය ගෙවිලා යද්දී
උඹට මමත්, මට උඹත් නැතුවම බැරි උනා..

අපි ගත කරපු හැම මොහොතක්ම
ආදරෙන් පිරිලා තිබුනා...
අපි ආව ගිය තැන් හරිම සුන්දරයි...
ආයෙමත් දවසක උඹ එක්ක,
ගෝල් ෆේස් ගිහින් කොනක වාඩිවෙලා,
වඩේ ගෙඩියක් කන ගමන්,
ඔහේ කියව කියව
ආසයි මුහුද දිහා බලන් ඉන්න....

මුළු ලෝකෙනම වෙන් වෙලා,
අපි නිදහසේ ඉන්න වෙලාවට
මට ඕන උඹේ පපුව උඩ ඔලුව තියන් ඉන්න.
ඒ වෙලාවට මගේ ඔලුව හෙමිහිට අතගාන ගමන් ඉවරයක් නැති මගේ කියවිල්ල
උඹ ආසාවෙන් අහන් හිටියා..

කරදර බාධාමැද උනත්
චූටි වෙනසක්වත් වෙන්න නොදී
අපි අපේ ආදරේ රැකගත්තා..
හරියටම බැලුවොත් මේ කාලෙටම
අපි තරහා වෙලා හිටියේ
දවස් අතේ ඇගිලි ගානට ඇති..

ඒත්....

මගේ මුළු ලෝකෙම උඹ උනත්,
උඹට වෙනමම ලෝකයක් තිබුනා...
ඒ නිසාමද කොහෙද ළඟදී ඉඳන්
උඹ වෙනස් වෙන්න ගත්තා...
මාව මගඅරින්න පටන් ගත්තා,
මගේ කටහඩ අහන්නේ නැතුව
ඉන්න බැරි උන උඹට
මාව වදයක් උනා...
මාව නොදැක එක මොහොතක්
ඉන්න බැරි උන උඹට මාව පේන්න බැරි උනා..
මගේ ඇස් වල කඳුළු දකින්න අකමැති උඹ
මගේ ඇස් වලට කඳුළු දුන්නා....
කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියපු
උඹේ ආදරෙත් වෙනස් උනා නොහිතපු විදියට....
මම උබව සැක කරා..
රන්ඩු උනා අපි හරියට..


හැමදේම දරාගෙන උඹේ මැණික,
ජීවත් වෙනවා හැමදාම උඹ නමින්ම....
දෙන්නේ නෑ කවදාවත්,
උඹේ තැන වෙන කාටවත්ම...
උඹ වැරදි නෑ මහත්තයෝ,
ආදරේ කළා මටත් පන වගේම...
තියේනම් එයා ළඟ මට වැඩිය ආදරය,
ඇයි ආවේ උඹ හොයාගෙන අසරණ මාවම..
මට හිතන්නෙම මම තරම්
කවුරුවත් ආදරේ නෑ උඹට,
හොයාගන්න නම් බැරි වෙයි මහත්තයෝ මේ වගේ ආදරයක් ආත්ම හතකට..

මේ තරම් පන වගේ ආදරේ කළත්
මට උඹ අයිති නෑ...
ඒත් මට උඹ නැතුව ජීවත් වෙන්නත් බෑ
උඹට මාව අයිති කරගන්නත් බෑ..
ඒකට එකම හේතුව උඹ හදාගත්ත උඹේ ලෝකය...
කවදහරි දවසක උඹ මගේ උනොත් එදාට මමත් මේ ලෝකේ එළිය දකීවි...
මේ ආත්මෙ මගේ වෙන්න බැරි උනොත්
ඉපදියන් ලබන ආත්මෙ..
මම ගැහැනු ආත්මයක් ලබන්නම්..
උබ ඉපදියන් මගේ කුසේ
එදාට කාටවත්ම බැරි වෙයි
උඹ මගේ වෙන එක නවත්තන්න...
සත්තයි,
එදා ඉඳන් උතුරයි මවු සෙනෙහස
ආතම ගානකට... 

No comments:

Post a Comment