Thursday, May 28, 2020

ආදරේයි කියලා හිමි කරගෙන
ආදරේ නොකරන මිනිස්සු අස්සෙ
ආදරෙයි කියල අහිමිවිම පෙනි පෙනී පවා
ආදරේ කරන කෙනෙක් මන්..

මුලු ජීවිතේම පවාදෙන්නම්
ඔයගෙ සතුට වෙනුවෙන් කියල
වේදනාව දෙන මිනිස්සු අස්සෙ
අහිමි වෙච්ච උබේ හිනාව දිහා බලල
නිහතමානි සතුටක් ලබන කෙනෙක් මන්..

ලබා ගන්න බැරි තැන තවත් ආලයක් තුල
ගුලි වෙන්න උත්සහ කරන මිනිස්සු අස්සෙ
නොලැබීම පවා ජීවිතේ කරගෙන
අසම්පූර්ණ කතාවක මතක අස්සෙන්
හුස්ම ගන්න කෙනෙක් මන්..

No comments:

Post a Comment