Thursday, May 28, 2020

මංගල දවස දා රෑට.. 

එලාගෙන, සුදු රෙද්දක් යහනට....
උඹ, හොයනවා,
ගෑනිගේ, තියෙනවාද පතිවත.
උඹට මතකද, පෙර දවසක,
මෙවැනිම කෙල්ලක් සතපවා යහනක...
මුමුනලා පෙම් බස් ඕසෙට.....
රතු කරා සුදු රෙද්දක්,
හරි අපූරුවට.....
මතක් උනාද උඹට,
අදවත් ඒ කෙල්ල ගැන......
විදවනවා ඇති ඒකි,
උඹට සාප කර කර......
එහෙව් උඹ, අදත්, සුදු රෙද්දක් එලාගෙන....
හොයනවා, තියෙනවද, මනමාලිගෙ පතිවත....
යකෝ..
ලැජ්ජයි උඹ ගැන...
හිනා යනවා වෙලාවකට.....
එලාගෙන සුදු රෙද්දක් ඇදට,
හෙව්වත් උඹ අද, මනමාලිගෙ පතිවත,
උඹ වගේ එව්න් ඉන්නකොට,
ඉතුරු වෙයිද බන්,
කෙල්ලොන්ගෙ පතිවත.......!

No comments:

Post a Comment