උඹ හරි පව් බං
උඹේ ආදරේට ද්‍රෝහි
උනු කෝවලන්
වෙනුවෙන් උඹ
පියයුරක් කපාගත්තා
නගරයක් ගිණි තිබ්බා.....
සීතා......
උඹත් එහෙමයි
තමන්ගෙ පතිවත
පරීක්ෂා කරපු රාමා
වෙනුවෙන් ගිණි සෑයට
පැන්නා.......රාවණාගෙ
පිරිසිදු ආදරේ
තුට්ටුවකට මායිම්
කරේ නෑ........
කුවේණි.......
තමන්ගෙ සනුහරේ
අත් ඇරියා
ආදරේ වෙනුවෙන්......
ආදරේ නැති වෙද්දි
වැඩි වෙද්දි......
ඒ ආදරේම ශාපයකට
පෙරළුනා
විජය වෙනුවෙන්........
ඉස්සරත් එහෙමයි
අදත් එහෙමයි
හෙටත් එහෙම වෙයි......
ගෑණු නහින්නෙම
තමන්ට ආදරේ
නොකරන පිරිමි
වෙනුවෙන්.......
කොයි කාලයක් ගෙවුනත්
ගෑනු ඔහොමමයි.......
කන්නගීලා අදත් ඉන්නවා
නගර ගිණිබත් නොකරට....
සීතාවොත් ඉන්නවා
ගිණ්නට නොපැන්නට
හැමදාමත් පන පිටින්
පිච්චෙන........
කුවේණිලත් ඉන්නවා
ආදරේ කරපු තරමටම
ශාප කරන.........
මාධවි....
දරු ගැබක් දරාගෙන
කෝවලන්ට සමු දුන්නෙ
නිහඩව දරා ගත්තෙ
අසීමිත සෙනෙහස නිසයි
කෝවලන්ලා
රාමලා.......
විජයලා අතරෙ
රාවණා වගේ පිරිමි
හරි දුලබයි.......
මුණ ගැහුනොත් සීතලාට
රාවණාලා අද.........
එදා වගේ නම්
මග ඇරගන්න එකක්
නැතිවෙයි සීතලා.........
කණ්නගී කෙනෙක්
ලබාගන්න පිං පුරවපන්
කෝවලන් උබත්...
No comments:
Post a Comment