පාළුවේ ඒ රාවණා
දැනුනේ නැතිදෝ නුබට සිතා
මීදුමක් සේ මිමුරෙන් මිදෙනා
දසිස් සක්වල තනිවෙලා
මා නොවේ ඒ රාවණා
ඔබ ලගින් හිදිනා
ප්‍රේමයේ දුනු ඇද්දේ නෑ මා
මන්දෝදරී සොවින් තැවෙනා
තාම නාඩා ඉන්නේ මා
අහස ගුගුරා කදුළු සලනා
සයනයට පිටදී හිදිනා
දඩු මොනරේ වැටුනා
ඔබ වෙත කෝම එන්නද මා
මා නොවේ ඒ රාවණා
කප්පරක් දුක මා වැයුවේ
මුදු සිනහ නගලා
යන්තරෙන් ගිනි අගුරු ඇවිලී
මා දැවී අළුවී යන්නා
ඔටුන්නෙන් ගිලිහි
වැටෙන මැණික අහුලා
රැක ගන්න බැරිවී එදා
තාම නාඩා ඉන්නේ කෝමා
මා නොවේ ඒ රාවණා
ඔබ තමයි ඒ රාවණා
නිල්දියෙන් මා නහවනා
වේදනා දැනෙනා හැම තැන
රාවණා සිටියා මගේ වී
No comments:
Post a Comment