තාත්තා කෙනෙක් වගේ තමන්ගෙ කොල්ලව පරිස්සම් කරන..
කොච්චර වැරදි කරත්
බැනලා බැනලා
ආයෙම ලගට තුරුල් කරගෙන ආදරේන් ඒ
දේවල් කියලා දෙන..
අසනීපයක් උනාම
කෑවද බිව්වද
බෙහෙත් ගත්තද කියලා ඇහුවට වඩා..
හැම තප්පරේම
හැම විනාඩියෙම
හැම පැයේම
පිස්සුවෙන් වගෙ හිතින් හිත හිත දුක් විඳින..
ඔයාගෙ ප්‍රශ්න මගේ කරගෙන
ඒවාට උත්තර හොයන්න
උබත් එක්කලම ඉන්න..
ඔයා එක්ක කොච්චර කොහෙ ඇවිදින්න ගියත්
මගේ අතින්ම අල්ලගෙන පරිස්සමින් එක්කගෙන යන..
ඔය හිත කොච්චර නපුරු උනත්
දඩබ්බර උනත්
මගෙ ලග හුරතලෙන් ඉන්න..
අම්මා තාත්තාට පවුලෙ අයට පස්සෙ මාව විතරක්
ජීවිතේ කරගත්ත..
උබෙ මත්තෙම නැහීගෙන
උබටම විතරක් ආදරේ කරගෙන
උබ වෙනුවෙන්ම ජීවත් වෙන..
ඔව්...!
මේ වගෙ පිරිමි හිත් හොයාගන්න හරි අමාරුයි
දෙයක් කියන්නම්..
උබට හම්බුනොත් ඔය වගෙ කොල්ලෙක්
රැකගනිම් මොන දේ නැතිවුනත් උබේ..
සල්ලි දවසක හම්බකරන්න පුළුවන්
ඒත් ආදරේ හම්බකරන්න බෑ
සමහරවිට ඒ වගෙ කොල්ලෙක් හම්බුනොත්
මේ ලෝකෙ ඉන්න පිංවන්තම කොල්ලත් උඹ වේවි..
No comments:
Post a Comment