Thursday, May 28, 2020

හන්දියයි.,

සිහින් ඉගටිය
කෝල හසරැලි
පන නැතත් උබට හරි පියකරුයි.,

සලුවෙ පොටකින්
වසා ගත් ඔය
පිරුනු තන උබෙ
පින්බරයි.,

හඩන කිරි දරු
නලව ගන්නට
කිරි එරෙන් නැති වග
පෙනෙයි.,

මවු සෙනෙහෙ උබෙ
නතර විනිදෝ
මේ පාලු ගොම්මන
හන්දියයි.,

සොයනව උබත් අද
උබේ දරුවගෙ අයිති කරය..
සැමියෙක් නැති උබ
දරු කුස දරාන
ඉසිලුවා නෙවෙද පතිවත.

පිරිමින්ට ඕව මහ ලොකු දේවල්
නෙමෙ බන්..
මැරිලත් උබ උබේ ප්‍රේමය
හොයනව..
පාලු හන්දි වල කොහෙද බන් ප්‍රේමය..
උබට වැරදිලා.,
පන තියන උන් උබට ආදරේ දෙනෙ නෑ..
දුම්මල ගහල එලවනව මිසක්..
ඉතින් පලයන්.,
වලත්ත පිරිමි හොයාගෙන.
රීරි මාන්සෙ උරාගෙන බීපන්. 
උබෙ දරුවට කිරි ඔනේ.

No comments:

Post a Comment