Thursday, May 28, 2020

(ලදරුවෙකු විලසේ  මා කලේ )

සීමා නැති ..නීති නැති
අසීමිත පෙමකට ඉඩක් ඇති ..
සිතක් ලග නතරවුනි..
හිමිඋනා මට නිම්නැතිව..
පෙම්කලා හැම දෙයටම...
මුසාවක් කලේ නැති..
රැවටීම සිතේ නති..
අවංක සිතක් ඇති..
ශෝබනය උගේ නැති...
ශෝභාව හිතේ පිරි...
හුරත්ලය උගේ ඇතී..
සිතේ දුක් නිවා යති..

බැදීමට දුකක් නැති
රැකගත්ත ඔහු නමක් නොදී...

බැසයන හිරු යලි නැග නොඑතහැකි..
වග දැන හොදින් මම
පහදාදෙමි..
ඉපදීම දුකක් බව තවත් වැටහුනි...
උබේ ආලයට මම ලෝබ උනි..

බැසයන්න අවසර
නැත ආස රැදෙන්න
සිතක් තව ලන්වීම
බැහැ මට දරන්න..
ඔබ ඉන්න හුරුලෙසෙ
මග වරද නොගෙනසෙ
ඔබ දුන්න නිදහසේ
පෙම තවත් වැඩිඋනේ අනියමේ
ඒ වැරදි පෙම කෙලෙසේ
අමතක කරන්නේ සිතුසේ
මේ මිනිස් මනසේ
ඊර්ෂ්‍යාව උපදී රිසිසේ
පවට දැඩි බියසේ
අනියමින් නැත සොම්නසේ....

ඒ නීල නෙතගේ
නපුරුකම ඇතුලේ
දුටු පෙමට නිතරේ
සිත බැදුනි රහසේ
ලදරුවෙකු විලසේ..

No comments:

Post a Comment