Thursday, May 28, 2020

ඉතින්..ඒ දුකට හේතුව මම නැති කරා..

කතා කරොත් කියන්නෙම එයා ගැන
උදේට යවන මැසේජ් සීන් කරලා රිප්ලයි කරන්නේ හවසට
"ඔයාට මම ආදරෙයි.හැබැයි එයාට තරං නෙමෙයි" කියද්දිත් දරාගත්තා මදිද...
අවසානේ උඹව අතඇරියම කියන්නේ මං වැරදීද ..

උඹව අමතක කරලා නෙමෙයි මේ ඉන්නේ...
උඹව #මතක් වෙනවා කියන එක අමතක කරලයි මේ ඉන්නේ..

ඕවා,ඔහොම තමයි කියලා කාට නන් කියන්න බැරිද..
වේදනාව මොන හැඩයක් ගත්තත්..කදුළු එන්නේ එකම හැඩයකින්නේ නේද...?
වෙන කෙනෙක්ගේ බැල්මක් වත් වැටෙන්නැති දෙයක් තමන්ගේ කරගන්න එක තමයි හොඳම
ඒත්... වෙන කෙනෙක් ගැන හිතන කෙනෙක් ළග හුස්ම යනකන්ම ජීවත් වෙන්න වුණොත් ඊට වඩා කරුමයක් තව කොහෙද..

කවමදාවත් හම්බුණේ නැත්තන් හොඳයි කියලා හිතෙන දේවල් හැම ජීවිතේකම තියෙනවා..
කාටවත් නොපෙනෙන තැනක..හැමෝම ඒවා ලියනවා..

දුක් වෙන්නම ඕන උඹ දවසක..මට වටිනාකමක් නොදුන්නට..
උඹ සතුටින් ඉන්න ඕන කියන සීනි බෝල ප්‍රාර්ථනා නෑ මං ළඟ
තත්පරයක් හිනාවුණහම පැය දෙකක්,ඇඩුවා උඹේ වෙනස්කම් ඉවසගන්න..
දවසක් තියෙයි...කව්රු ආවත් මං නැති අඩුව දැනෙන..

උඹට කොතන හරි වැරදුණා
මතකයි අන්තිම දවස්වල මගේ හිනාවත් ඇදට පෙනුණා 

දැන්ම යන්න ඕනද අහන්නේ තමන්ගේ අය
හා එහෙනන් ගිහින් එන්න කියන්නේ පිට අය..
ආය කවදාවත්ම එන්න එපා කියන්නේ අඩියෙන්ම ආදරේ කරපු අය..
දන්නවා
මේ එකක්වත් උඹට කියන්නේ නෑ මම..

එකම දෙයයි කියන්නේ..
ආය ආවත්.නාවත්
උඹ ගැන විශේෂයක් නැති වෙයි මට ....!

No comments:

Post a Comment