ආදරේ වේදනාව වැඩිම
අත හරිනකොට නෙවෙයි
මග හරිනකොට...
අල්ලගෙන ඉන්නෙත් නැති
අත් හරින්නෙත් නැති
බැදීමක හිරවෙනකොට...
උබ මොන හේතුවකට උනත්
බැදීමක් අත් හරිනවනම්...
මග අරින්න එපා බන්
මනුස්සයෙක් විදියට
කෙලින්ම කියලා අයින් වෙයන්...
මොකද උබ රිද්දන ඒ
හිත උබේ වෙනස්කම්
වලට හේතුවක්වත් නොදැන
අසීමිතව විදවනවා ඇති
කතා කරන උබව දකින
වාරයක් මොහොතක්
ගානෙම උන් පිච්චෙනවා ඇති
කදුලු සාගරයක් ගැලුවත්
උබට ඒ වේදනාව නොදැනෙනවා
ඇති...
උබ උන්ට උබව එපා කරවලා
උන්ටම උබෙන් ඈත් වෙන තැනට
වැඩ කරන්න ඕනේ ඇති...
මොකද උබ කැමති නෑ
උබ නිසා බැදීම කැඩුනා කියලා
ලෝකෙන් දොස් අහන්න
උබට ඕනේ ඒ අහිංසක
හිත් වලටම වැරදි පටවන්න...
උන් නින්දක් නැතුව
උබ ගැන හිතද්දි
උබ සැප නින්දක ඇති
මොකුත් නොවුන ගානට
උබට පුලුවන් ඇති
වෙන උන් එක්ක ලස්සනට
හුරතල් වෙන්න
උබට උන් වෙනුවෙන් කාලෙත්
ඇති හිතේ හැටියට...
උබට ඇමතුමක් කෙටි පනිවිඩයක්
ප්රතික්ශේප කරන එක
දුරකතනය ක්රියාවිරහිත කරන එක
උන්ව බ්ලොක් කරලා
දාන එක හරි
සරල ඇති...
ඒත් උන් හූල්ල හූල්ලා
උබ ගැනම හිතනවා ඇති...
උබව පරිස්සම් කරපන් කියලා
මතකෙට එන හැම දෙවියෙක්ම
වදිනවා ඇති...
අන්තිමේට උබෙන් වෙනසට
හේතු අහලා අහලම
උබෙන් උත්තරයක් නැතුවම
උන් යන්නම යාවි...
හැබැයි මතක තියාගනින්
උන් යන්නෙ ජීවිතෙන් වැටිලා
උන්වම අහිමි කරන්...
උන් ගියා කියලා දැනුනාම
උබට කට කොනකට
හිනාවක් ගියාද
ඒ කරදරෙත් ඉවරයි කියලා
හිතුවද...
එහෙනම් උබට හොදටම
වැරදිලා බන්..
උබ අතහැරියේ උබගේ ජීවිතේ
එලිය...
ඒ එලිය නැතිවෙද්දි උබට
පාර නොපෙනෙද්දි
උබට දැනෙන්න ගනියි
ඒ ආදරේ |
No comments:
Post a Comment